Uncategorized

ලුනුගමිවෙහෙර ජාතික වනෝද්‍යාන මයිමෙි ඇති වන්දම වන අලි කළමනාකරණ රක්ෂිතයෙන් අක්කර 5000ක් චීන ආයෝජන කලාපයටත් අක්කර 1000ක් කෙසෙල් වවන්න සමාගමකටත් දි තිබියදි තවත් අක්කර 250ක් පාක්ෂිකයන් අතර බෙදාදෙන්න ඉල්ලයි

No Comments
ලුනුගමිවෙහෙර ජාතික වනෝද්යාන මයිමෙි ඇති වන්දම වන අලි කළමනාකරණ රක්ෂිතයෙන් අක්කර 5000ක් චීන ආයෝජන කලාපයටත්
අක්කර 1000ක් කෙසෙල් වවන්න සමාගමකටත් දි තිබියදි
තවත් අක්කර 250ක් පාක්ෂිකයන් අතර බෙදාදෙන්න ඉල්ලයි
වන සංරක්ෂණන දෙපාර්තමේන්තුවට අයත් වැල්ලවාය අඩවියේ වන්දම – දෙමලිය යෝජිත රක්ෂිතයෙන් මිනිසුන්ට කුඹුරු ඉඩම් බෙදාදීම සදහා ඉඩම් හෙක්ටයාර 102 ක ප්රමාණයක් නිදහස් කරන ලෙස වන නිළධාරින්ට දේශපාලනික බලපෑම එල්ලවෙමින් තිබේ.
May be an image of outdoors
May be an image of map, outdoors and text that says 'S SntaaM Monaragala SriLanka DOLE LANKA PLANTATION Wandama YALA NATIONAL PARK (Block Veheragala)'
හෙක්ටයාර 2200 ක් පමණ වන මෙම වන්දම දෙමලිය කැලයෙන් ඉඩම් හෙක්ටයාර 1127.52 ක් හම්බන්තොට වරාය සංවර්ධන වැඩසටහන යටතේ කර්මාන්ත පුරයකට වෙන්කර තිබියදී හා තවත් ඉඩම් හෙක්ටයාර 400 ක් විදෙස් කෙසෙල් සමාගමක් හා දේශීය සමාගමක් අඹ වගා කිරිමට අත්පත්කර ගෙන තිබීම තුල ඉතිරිව පවත්නා කැලැ ඉඩම් වලින් හෙක්ටයාර 102 ක් නැවත තම පාක්ෂිකයන් පිරිසකට කුඹුරු ඉඩම් ලෙස බෙදාදිමට නිදහස් කරන ලෙස වන නිළධාරින්ට කරන බලපැම කනගාටුදායක බව පරිසර සංවිධාන චෝදනා කරති .May be an image of grass and tree
“වන්දම – දෙමළිය කියන මේ හුදකලා කැළෑව තුල තමයි ප්රදේශයේ වන අලි බහුලවම ගැවසෙන්නේ ලුනුගම්වෙහෙර ජාතික වනෝද්යානය තුල ඉදලා හදපානාගල වැවට යන එන වන අලියන්ගේ අලිමංකඩ වැටිලත් තියෙන්නේ මේ කියන වන්දම දෙමලිය කැලෑව තුලිනුයි. මේ හේතුව නිසා උමාඔය බහු කාර්ය යෝජනා ක්රමයේ කිරිදිඔය ගංගා ද්රෝනි සංවර්ධන වැඩසටහන යටතේ සකස් කල පරිසර තක්සේරු බලපෑම් වාර්තාව මගිනුත් (EIA) 2013.09.27 දින මධ්යම පරිසර අධිකාරිය නිකුත් කර තියෙන පරිසර අනුමත අංක 2.1 (A) දරන කොන්දේසියට අනුවත් මෙම දෙමලිය – වන්දම කැලය වන අලි කළමනාකරන රක්ෂිතයක් හෝ අභය භූමියක් ලෙස ප්රකාශයට පත්කර සංරක්ෂණයට පියවර ගන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. මෙහෙම කියලා තියෙද්දිත් චීන සමාගමකට මේ කැලයෙන් ඉඩම් හෙක්ටයාර 1127.52 ක් දීලා තියෙනවා. ඒ බව 2018.01.19 දා වැල්ලවාය අඩවි වන නිළධාරිවරයා මොනරාගල දිසා වන නිලධාරිවරයාට යවා ඇති ලියුමෙන් තහවුරු වෙනවා. අනික ඩෝල් සමාගමයි නෙල්නා කියන සමාගමයි මේ ප්රදේශයේ ඉඩම් හෙක්ටයාර 400 ක් අල්ලගෙන ඉන්නවා කියලා කියන්නේ අපි නෙමෙයි වන සංරක්ෂණ අධ්යක්ෂක ජනරාල්වරයාමයි. ඉතිං මේ විදියට දේශපාලඥයන්ගේ අවශ්යතාවයන්ට ඉඩම් බෙදන්න මේ කැලෙන් තවත් ඉඩම් හෙක්ටයාර 102 ක් දුන්නොත් මේ කැලේ ඉන්න වන අලි කොහේටද යන්නේ. මේ මෝඩ වැඩේ කලොත් හදපානාගල වැල්ලවාය අවට තියෙන අලි මිනිස් ගැටුම කීප ගුනයකින් වැඩි වෙන්න පුළුවන්. මොනරාගල සොබා පදනමේ රාජා විදානපතිරන මහතා පෙන්වා දෙයි.“
වැල්ලවාය ප්රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පුබුදුවැව ග්රාම නිළධාරි වසමේ දෙමලිය වනය මැද කඩවර වැව ඉදිකර ඇත්තේ 2006 වසරේදීය. ඒ එවකට ඉඩම්, කෘෂිකර්ම, වාරිමාර්ග හා සත්ව නිෂ්පාදන අමාත්යාංශය විසිනි. මෙම කඩවර වැව බුත්තල ප්රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටා ඇති අතර, එම වැව යටතේ සංවර්ධනය කිරීමට අපේක්ෂා කර ඇති ඉඩම් පිහිටා ඇත්තේ වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාශය තුලය.
2006 වසරේදී මෙම කඩවර වැව ඉදිකිරීමෙන් පසු කුඹුරු හා ගොඩ ඉඩම් සංවර්ධනය සදහා දෙමලිය වන්දම කැලයෙන් ඉඩම් හෙක්ටයාර 102,296 ක ප්රමාණයක ඉඩම් කෘෂිකර්ම වාරිමාර්ග හා සත්ව නිෂ්පාදන අමාත්යංශයේ එවකට ලේකම්වරයාගේ ඉල්ලීම මත වන සංරක්ෂණ ජනරාල්ගේ අංක පී එම් /03/02/14/49 හා 2009.06.01 දිනැති ලිපිය මගින් අන්තර් අමාත්යංශ තීරණයක් මත වැල්ලවාය ප්රාදේශීය ලේකම්වරයා වෙත නිදහස්කර තිබුණි. ඒ අනූව එම නිදහස්කල භූමිය සදහා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් 2006 වසරේදී MO/WLL/2006/449 දරන අනුලේඛනය සකස්කර ගොඩ හා මඩ ඉඩම් ඇතුලත්වන කට්ටි සැලැස්මක්ද සකස්කර තිබුනද.එවකටදී මෙම ඉඩම් පවරා ගැනීමට එවකට වැල්ලවාය හිටපු ප්රාදේශිය ලේකම්වරයා කටයුතු නොකර නොතිබුණි.
මේ හේතුව නිසා 2015 වසරේදී මෙම කුඹුරු ඉඩම් සදහා වෙන්කල භූමියද ඇතුලත්වන පරිදි වන්දම-දෙමලිය යෝජිත රක්ෂිතය සදහා මැනුම්කර ගල් දමා වෙන්කර ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතුකර තිබේ.
“ 2006 අවුරුද්දේ තිබුණ තත්වය නෙමෙයි දැන් මේ ප්රදේශයේ තියෙන්නේ. අපිට කැලෑ ඉඩම් වලින් හෙක්ටයාර 1127.52 ක් වරාය සංවර්ධන වැඩසටහන යටතේ කර්මාන්ත පුරයකට වෙන් කරලා තියෙනවා. තවත් හෙක්ටයාර 400ක් පමන තවත් සමාගම් දෙකක් අලලාගෙන තියෙනවා. අපි ඔවුන් නෙරපන්න මේ වන විට අධිකරණ ක්රියා මාර්ග අරන් තියෙනවා. ඉතිං මේ තත්වයන් යටතේ තවත් කැලෑ ඉඩම් හෙක්ටයාර 102 ක් නිදහස් කරන එක ප්රශ්නයක් තමයි. නමුත් රජයේ සංවර්ධන යෝජනා ක්රමවලට අපට මේ ඉඩම් අකමැත්තෙන් වුනත් නිදහස් කරන්න වෙලා තියෙනවා.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැල්ලවාය අඩවි වන නිළධාරී ජගත් සිරිසේන මහතා පවසයි.
වැල්ලවාය වන අඩවියේ ඇති හුදකලා රක්ෂිත තුල වන අලි 200-250 ක් පමණ ජීවත් වෙන්නේ වන්දම -දෙමලිය කැලෑව තුල බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැල්ලවාය වන පාලන ඒකකයේ අඩවි වනජීවි නිළධාරී ර්.එල් නිශාන්ත මහතා පෙන්වා දෙයි.
“මේ කැලෑව තුල වන අලි 40-50 රංචු අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම ලුණුගම් වෙහෙර වනෝධ්යානයේ ඉදලා අවට කැලෑ ප්රදේශ වලට සංක්රමනය වන වන අලින්ගේ සංක්රමන මාර්ගය වැටිලා තියෙන්නෙත් මේ කැලෑව තුලිනුයි. ඒ නිසා මේ කැලෑවත් ඛණ්ඩනය වුනොත් මේ පැත්තේ අලි මිනිස් ගැටුම උග්රවන එක පාලනය කරන්න බැරි වෙයි.
අලි මිනිස් ගැටුම හේතුවෙන් වැල්ලවාය හදපානාගල වන්දම දෙමලිය අලුත්වෙල ඇතුල් ප්රදේශයේ ගම්මාන තිහකට වැඩි ප්රමාණයක් වසර ගනණාවක සිට පීඩාවට පත්ව සිටිති. මේ හේතු කොටගෙන වන අලි මෙන්ම මිනිස් ජීවිත ගනනාවක්ද අහිමි වීතිබේ. දේපල හා සිදුව ඇති වන හානී ප්රමාණය අතිශය විශාලයි. නමුත් මෙතෙක් මෙම ගැටුම විසදීමට කිසිම ආණ්ඩුවක් පියවර ගෙන නැති බව වැල්ලවාය අවට ගම්මානවල ජනතාව චෝදනා කරති.
කේ.ජි සෝමලතා මෙනවිය -හදපානාගල වෙල්ලස්ස ගොවි කාන්තා සංවිධානය -ලේකම්
“අපි උපන් දා පටන් මේ පොලොවේ ජීවත් වෙච්චි අය. පැල්වත්ත සීනි සමාගමට ප්රදේශයේ අක්කර 84000ක් අත්පත්කර ගෙන එළි පෙහෙළි කරන තෙක් අපට වන අලියන්ගෙන් කරදරයක් තිබුනේ නැහැ. නමුත් දැන් පැල්වත්ත ඇරුණු කොට තවත් බහුජාතික සමාගම් දෙකකුත් මේ කැලෑවේ ඉඩම් අල්ලගෙන විදුලි වැටවල් ගහගෙන වෙන්කර ගෙන ඉන්නවා. තවත් අක්කර 5000 ක් චීන සමාගමකට මේ කැලෑවෙන් දෙන්න රජය සූදානම් වෙනවා. දැන් මේ වෙනකොට වැල්ලවායේ ඉදලා තණමල්විල දක්වා වන ගම්මාන වල මිනිස්සු ජීවත්වෙන්නේ මරබියෙන්. හදපානාගල වැල්ලවාය තෙලුල්ල කිව්වම දැරියක් විවාහකර ගන්නත් සමහර තරුණයන් බයයි. මේ වන අලි ප්රශ්නය නිසාම උදේ පාන්දර මිනිස්සු වැඩට යන්නෙත් දරුවෝ ඉස්කෝලේ යන්නෙත් පුදුම බයකින්. මේ තත්වයක් යටතේ වන්දම දෙමලිය කැලයෙන් තවත් ඉඩම් සංවර්ධන කටයුතු කියලා නිදහස් කලොත් අපිට වෙන්නේ මේ ගෙවල් දොරවල් අතහැරලා යන්න. අලියන්ට කැලේ අහිමි වෙනකොට ගම්වදින එක පුදුමයක් නෙමෙයි“. ඇය පවසන්නිය.
නයනජීව බන්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *